ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. ඒ අනුව දෛනික සැත්කම් සදහා පොරොත්තු ලේඛණවල සිටින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙන බව රෝහල් අධ්යක්ෂවරයා පවසන අතර, හේමාස් ආයතනය විසින් සිදු කළ මෙම පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ඇගයීමට ලක් විය.