දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ඉදිරි සතියේදී දිවයින පුරා දුම්රිය ධාවනය කිරීම අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (7) කුරුණෑගලදී පැවත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බවද එම පුරප්පාඩු පිරවීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කිසිදු පියවරක් නොගැනීමට විරෝධය පළ කරමින් ඉදිරි සතියේදී දුම්රිය ධාවනය කරවීම අවලංගු විය හැකි බවද ඒ සම්බන්ධයෙන් මඟී ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කරන ලද බවද සෝමරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව ඉදිරි සතියේදී දුම්රිය ධාවනය අවලංගු වීම්, ප්‍රමාද වීම්, අඩාල වීම් සිදුවිය හැකි බව පෙන්වා දුන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට නොව රජයට බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.