ඉදිරි සති දෙක තුළ මියන්මාරයේ මිලියන 54ක ජනතාවගෙන් අඩකට පමණ කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානමක් පවතිනට බවට බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා අද (29දා) අනතුරු ඇඟවීය.
මියන්මාරය අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.
මේ වනවිටත් සිය ගණනක් ඝාතනය කර ඇති ප්රජාතන්ත්රවාදී ගැති විරෝධතා කුමන්ත්‍රණය සහ මර්දනය හේතුවෙන් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් රටවල් හමුදා පාලකයින්ට එරෙහිව සම්බාධක පනවා තිබේ.
"වෛරසය ජනගහනය හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම සමහර ඇස්තමේන්තු අනුව ඉදිරි සති දෙක තුළ මියන්මාරයේ ජනගහනයෙන් අඩකට කොවිඩ්-19 ආසාදනය විය හැකියි" බ්‍රිතාන්‍ය එක්සත් ජාතීන්ගේ තානාපති බාබරා වුඩ්වර්ඩ් මියන්මාරය පිළිබඳ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.