ඉදිරි මාස තුන හතර තුළ මිලියන 22 ක් වූ ජනතාවට එන්නත්කරණ කටයුතු සිදුකරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (06) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ පැවති වත්තල කාන්තා සම්මේලනය අමතමිනි.
“රට විවෘත කරමින් කොවිඩ්වලින් ආරක්ෂා වෙමින් අපේ දෛනික කටයුතු පවත්වාගෙන යා යුතුයි. මොකද වෛද්‍ය විශේෂඥවරුන් කියනවා කොවිඩ් එකේ බලපෑම තව අවුරුදු 3 ක් පමණ තියෙයි කියලා. ඒ හින්දා රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි.
සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් යුක්රේන සංචාරකයෝ ගෙන්වනකොට ගණිකාවෝ ගෙන්වනවා කියලා විපක්ෂය කාන්තාවන්ට අපහස කළා. කාන්තාවන්ට අගෞරව කරන්න හොඳ නැහැ. විපක්ෂය යුද්ධය ඉවර කරන්න බැහැ කියලා කීවා. යුද්ධය ඉවර කළා. කොවිඩ් එක පාලනය කරන්න බැහැ කියලා කිව්වා. කොවිඩ් එක පාලනය කළා. අපේ රට පුංචි රටක් වෙලත් ලෝකයේම කොවිඩ් පාලනය අතින් 10 වෙනි තැනට ආවා“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.