ඉදිරි දශකය මෙරට නිෂ්පාදන බලගන්වන - ව්‍යවසායකත්වය බලගන්වන දශකය බවට පත්කෙරුමට අවශ්‍ය මූලික පියවර රැසක් ගෙවුණු මාස 08ක කාලය තුළ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකිවූ බවත් ඒ අනුව යමින් තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුත් තරුණ පිරිසක් බිහිකිරීමට බලාපොරොත්තු වන බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (02) අවිස්සාවේල්ල නගරයේදී පැවැති ජනරැළියක් අමතමිනි.
එහිදි අදහස් දැක්වූ වීරවංශ මහතා ,
‘‘2015 දී අපි පැරදුන නායකයත් එක්ක හිටගත්තා. 2015 ජනවාරි 11 තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදි ‘ ඔබේ නායකයා පරාජය වූවා නොවෙයි, පසු බැස්සා පමණයි.
අපි ඔබේ නායකයාව නැවත ගේනවා කියන සහතිකය මම දුන්නා. ‘2015 පෙබරවාරි 18 ඡන්දය දුන්නු ලක්ෂ58න් කෙනෙක් නම්, පෙබරවාරි 18 හවස තුනට නුගේගොඩට එන්න’කියලා පෝස්ටරයක් රටපුරාම ඇලෙව්වා. එදා නුගේගොඩ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇඳුනා. දින 100 ආණ්ඩුවේ බුරියානි කාපු අයට බඩරිදෙන්න පටන් ගත්තා.
අපි දේශපාලනය කරන්නේ වැල යන අතට මැස්ස ගහන්න නොවෙයි. රටට යහපතක් වෙන ලෙසට මේ දේශපාලන යාන්ත්‍රණය හසුරවන්න. ඒ සියල්ලේ ප්‍රතිඵල මත බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් ජනාධිපති ධුරයට පත්වේවි කියලා නොහිතපු වෙලාවක එතුමා ජනතාවගේ කැමැත්ත පරිදි ජනාධිපතිවරයා බවට පත් වුණා. කොහොම නමුත් අපේ රටට සුදුසු මනා නායකයා ගෝඨාභය රාජපක්ෂ. රටට යහපතක් කරන නායකයෙක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හඳුන්වන්න පුළුවන්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කර්මාන්ත අමාත්‍යාංශය මට බාරදුන්නේ මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කරන්න. ව්‍යවසායක ප්රබෝධය ඇති කරන්න. ඒකට අපි දැනටමත් සූදානම් වෙලා ඉවරයි. ගියමාස හත අට ඇතුළත මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දොළහකට වැඩිය අනුමත කරගත්තා. ඉදිරියේදී අපි ටයිටේනියම්වලට අගය එකතුකිරීමක් කරලා රාජ්‍ය, පුද්ගලික හවුල් සමාගමක් හදලා රාජ්‍ය ආදායම වැඩි කරන්න සැලසුම් හදනවා.
අපේ මිනිරන්වලට අගය එකතු කිරීමක් කරලා වැඩි මිලට වෙළෙඳපොළට යවනවා. ලෝකයේ නොඉඳුල් යපස්නිධියෙන් ප්‍රයෝජන අරගන්නවා. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයට බුත්තල යපස්නිධිය පවරාගන්න අවශ්‍ය ගැසට් පත්‍රය ගහනවා විතරක් නොවෙයි, බුත්තල යපස්වලින් යකඩහදන කර්මාන්තයක් අපි ආරම්භ කරනවා.
මට කර්මාන්ත අමාත්‍යාංශය ලැබුණු ගමන් මම උතුර නැගෙනහිර වැසුණු කර්මාන්තශාලා නිරීක්ෂණය කරන්න ගියා. මලකඩකාලා දුවිලි බැඳුණුයන්ත්රවලින් ඈවරවුණු කම්හලක යන්ත්‍ර පණ ගන්වලා අපි මේ වෙලාවෙදි කඩදාසි නිපදවනවා. ‘ශ්රීපත්’නමින් වාලච්චේනයේ දී දැන් හැදෙන ඒ කඩදාසි තමුන්නාන්සේලාට දැකගන්න පුළුවන්. ඒ වගේම බැංකුවලට සින්න වෙලා තිබුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් මම ආරම්භ කරනවා. අගෝස්තු02 දා‘ශ්රීපත්’කඩදාසිටොන් තිහක් කොළඹ දි අලෙවි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ කම්හල අබලියකඩවලට විකුණලා ඒ ලැබෙන ගතමනාවෙන් සතුටුවෙන්න අපි මේ තනතුරු ලබා ගත්තෙ නැහැ".