මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වල ඉදිරි දින දෙකේදී (06දා හා 07දා) පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම. සබරගමුව හා ඌව පළාත්වලත් කුරුණෑගල , පොලොන්නරුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තේම්න්තුව සඳහන් කරයි.
ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කවල්ත ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.