ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්තී්රවරියන් සමඟ ඊයේ (19දා) පෙරවරුවේ කොළඹ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දී ය.
ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලුදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.
රටේ පොදු ජනතාවගේ මෙන්ම මව්වරුන්ගේ පක්ෂය වූ ශ්රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ දී කාන්තා නියෝජිතවරියන්ට සුවිශේෂි වගකීමක් පැවරෙන අතර වත්මන් සමාජමය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගීමට සිය සකී්රය දායකත්වය ලබාදීම එම සියලූදෙනාගේ වගකීම බව ද කියා සිටියේ ය.