2026 සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.37ක් අපනයන ආදායමක් උපයා ගැනිමට ශ්රී ලංකාව සමත්ව තිබේ. ඒ් අනුව ශ්රී ලංකා ඉතිහාසයේ මාසයක් තුළ වාර්තා කළ ඉහළම අපනයන අදායම ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.
ශ්රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, මෙම ආදායම 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 21ක වර්ධනයකි. මීට පෙර 2025 ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් බිලියන 1.30ක මාසික අපනයන ආදායම් වාර්තාව ද මෙහිදී අභිබවා ගොස් තිබේ.
2026 සැප්තැම්බර් මාසයේදී කාර්මික අපනයන ආදායම සියයට 27.7කින් ඉහළ ගොස් ඇති අතර, ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 149.9ක් ලෙස වාර්තා වී තිබේ. එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 130ක වර්ධනයකි.
එමෙන්ම යන්ත්රෝපකරණ හා යාන්ත්රික උපකරණ අපනයන ආදායම ඩොලර් මිලියන 70ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 72ක වර්ධනයක් ලෙස දැක්වේ.
මේ අතර, සේවා අපනයන ආදායම ද ඩොලර් මිලියන 559ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 11.2ක වර්ධනයකි.