ඉතාලියේදී රාජ්‍ය ලාංඡනය අවභාවිත කළ බවට චෝදනාවක්
ඉතාලියේ මිලාන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලය පසුගියදා ජෙනෝවා නගරයේදි සංවිධානය කළ කොන්සල් කාර්යාල ජංගම සේවයට සහභාගි වු ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පොදුජන පෙරමුණ නැමති ශාඛා සමිතියක සාමාජිකයන් පිරිසක් රාජ්‍ය ලංජනය අවභාවිත කර ඇතැයි ඉතාලියේ සිටින ලාංකිකයන් පෙන්වා දෙයි.
මෙම ශාඛා සමිතියේ සමාජිකයන් නීති විරෝධි ආකාරයෙන් තමන්ගේ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ලංජනය භාවිත කිරිම උචිත නොවන බවත් මෙම පිරිසට එරෙහිව රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හො මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ලාංකිකයන් විමතිය පළකර සිටී.
මේ සම්බන්ධයෙන් රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිරි සෙනෙවිරත්න මහතාගෙන් විමසීමේදි “ඇත්තටම රාජ්‍ය ලාංඡනය අපේ ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා. එය භාවිතා කරන්න පුලුවන් රාජ්‍ය සේවකයෙකුට හො රජය නියෝජනය කරන අයෙකුට පමණයි කියලා. මේ වැඩේ නම් නීති විරෝධියි. මම මේ ගැන මිලාන් කොන්සල් ජනරල්තුමියව දැනුවත් කරන්නම්”
මේ සම්බන්ධයෙන් විමසිමේදි මිලාන් කොන්සල් ජනරල් ප්‍රභාශිනි පොන්නම්පෙරුම මහත්මිය “අපි දැනන් හිටියේ නෑ මෙවැනි දෙයක් ගැන. විවිධ පුද්ගලයන් කණ්ඩායම් අපේ ජංගම සේවා වලට උදවු වෙන්න එනවා. කොහමත් මේක උචිත නෑ. නීති විරෝධි කටයුත්තක් ඔබට ස්තුති අපිව දැනුවත් කළාට”
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

