ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා රාගම රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහලට මාරු කර තිබු අතර ඔවුන්ගේ ඉල්ලීම මත කෝවිඩ් 19 පිළිබඳව පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළේය.
එම පර්යේෂණ ආයතනයේ වාර්තාව අනුව ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.