නිවසින් පිටතට යාමේ අවසර පත්‍රයක් සමග හෙට (04) දිනයේ සිට ඉතාලිය ලොක් ඩවුන් තත්ත්වයෙන් සීමා සහිතව ලිහිල් කිරිමේ තත්ත්වය ආරම්භ කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙම ලිහිල් කිරිම මාසයක් තුල අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බවත් පළමු අදියරේදි මැයි 4 දා සිට අනිවාර්ය මුඛ ආවරණයක් සමග පිටතට යාමේ හේතුව සඳහන් කෙරුණු අවසර පතෙන් තම ඥාති නිවසකට යාම පොදු ප්‍රවාහන භාවිතය උද්‍යාන වෙත යාමට තනි පුද්ගල ව්‍යායාම් අවමංගල්‍ය හා විවහා උත්සව සීමා සහිත පිරිසක් සමග දුරස්ථභාවය රඳවා ගනිමින් සිදු කිරිමට අවසර ඇතිමුත් කණ්ඩායම් ලෙස රැස්වීම ක්‍රිඩා කිරිම තහනම් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පළමු අදියරේදි ආපනශාලා විවෘත වන නමුත් එහි රැඳි සිට ආහාර ගැනිමට නොහැකි බවත් නිවසට රැගෙන යාමට පහසුකම් සලසා ඇති බවත් මැයි 18 න් පසුව අනෙකුත් වෙළඳ සැල්ද විවෘත කිරිමට නියමිත අතර අනිවාර්ය දුරස්ථභාවය ආරක්ෂ කිරිම සිදු විය යුතු අතර ජුනි පළමුදා සිට ආපන ශාලා බාර් ක්‍රිඩා කලා කටයුතු ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (02) දිනයේදි වාර්තා වු ඉතාලියේ කෝවිඩ් මරණ 474 ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 28,710 දක්වාත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 209,328 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු