ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
'අද' කළ විමසුමකදී එහි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉතාලියේ බ්රසීයා හි සිටි 43 හැවැරිදි කාන්තාවකට මෙසේ වෛරදය ආසාදනය වී ඇති බවයි.
ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් බ්රසියා හි සිවිල් රෝහලේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඇයගේ සෞඛ්‍ය පිළිබඳව මිලානෝ නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමීපව අධ්‍යනය කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.