ඉතාලියේ සිටින අනවසර සංක්‍රමණිකයින් නීතිගත කිරිමේ සුදානමත් සමග විසා බලපත් නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකටද මෙම නව නීතිය යටතේ විසා ලබා ගැනිමට අවස්ථාවක් හිමිව තිබෙන නමුත් නව ගුවන් බලපතක් ලබා ගැනිම සඳහා විසා බලතට ගෙවිමට තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිමට සිදුවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලාංකිකයන් පවසති.ඉ
අනවසර සංක්‍රමණිකයින් ලෙස සිටින තමන්ට නිශ්චිත වැටුපක් හො ස්ථිර රැකියාවක් නොමැති බවත් කොරොනා තත්ත්වයත් සමග තමන් කල රැකියාවන්ද නවතා දැමිමට සිදුවීමෙන් ලැබු ආදායමද අහිමි වු තත්ත්වයක් තුල නව ගුවන් බලපතක් ලබා ගැනිමට ඉතාලියේදි යුරෝ 420 ක් ලංකා මුදලින් රුපියල් අසුපන්දහසක පමණ මුදලක් ගෙවිමට සිදුව ඇති බව ලාංකිකයන් පවසයි.
ඉතාලියේ අනවසරයෙන් රැඳි සිටින ලාංකිකයන්ගේ ප්‍රමාණය පාළොස් දහසක් පමණ වෙතැයි ශ්‍රී ලාංකික සංවිධාන පවසති.
මෙම තත්ත්වය හමුවේ තමන් සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා ගුවන් බලපත්‍ර සඳහා අය කරන අධික ගාස්තුව අඩුකර සාධාරණ මුදලක් අය කරගැනිමට කටයුතු කරන මෙන් ඉතාලියේ සිටින අනවසර ලාංකිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි.
මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සේනාරත්න මහතාගෙන් විමසීමේදි
“ඇත්තටම අපිත් මේ සම්බන්ධයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් ඉන්නේ විදේශ අමාත්‍යාංශයෙන් හා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්. මොකද මෙම ගුවන් බලපත් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ලංකාවෙන් මෙම කොරොනා තත්ත්වය ගැන සලකා ලාංකිකයන් වෙනුවෙන් යම් සහනදායි පියවරකට යන්න අපිත් ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා” යනුවෙන් පැවසීය.
චන්දන ප්‍රනාන්දු