ඉතාලිය තුළ සිදුකරන නිරෝධායන ක්‍රියාවලියට සහාය නොදක්වා කොවිඩ් 19 ආසාදිතයන් සිය වාසස්ථානවලින් පිටතට ගොස් තවත් අයෙකුට රෝගය වැළදීම සඳහා හේතුවක් වුවහොත් එැවැනි පුද්ගලයන්ට වසර 21ක සිර දඬුවමක් ලබාදෙන බව ඉතාලි රජය නිවේදනය කරයි.
‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.
චීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර සමස්ත ඉතාලිය තුළම මේ වන විට නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.