ඉතාලියේ තහවුරු වු සමස්ත කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාවට වඩා හය ගුණයක පිරිසක් කොවිඩ් 19 ආසාධිත වි ඇති බවට ශරීර ගත රෝග ප්‍රතිශක්ති ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ පරික්ෂණ ක්‍රියාවලියේදි තහවුරු වූ බවට තොරතුරු හෙළි ව ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් ප්‍රතිශක්ති ප්‍රතිදේහ පරික්ෂා කිරිමේ පරික්ෂණ සිදුකළ පිරිසෙන් පළොස් ලක්ෂයක පිරිසක් කොවිඩ් 19 ආසාධිත වි තිබූ බවට තහවුරු වු නමුත් ඔවුන්ගේ ශරීර ප්‍රතිශක්ති හා ප්‍රතිදේහ තත්වයන් හේතුවෙන් එය රෝග ලක්ෂණ පිටතට නොපැමිණ ඇති බවට පරික්ෂණ වාර්තා තහවුරු කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (03දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන් 159 ක් වාර්තා වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊයේ (03දා) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,48,229 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,166 ක් බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු