ඉතාලිය කොවිඩ්-19 එන්නත් කිරීමේ දැවැන්ත වැඩසටහනක් 2021 මුල නොමිලේම දියත් කරන බවත්, සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා ඊයේ (02දා) එරට පාර්ලිමේන්තුවට පැවසීය.
ඒ අනුව විවිධ සමාගම්වලින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 202ක් මිලදී ගැනීමට රජය සූදානම් සිටින බව ස්පෙරන්සා පැවසීය.
වෛරසයට ගොදුරු වූ පළමු වැනි බටහිර රට ඉතාලිය වන අතර, පසුගිය පෙබරවාරි මාසයේදී එරට තුළ වෛරසය පැතිර යාමෙන් පසු මේ වනවිට කොවිඩ්-19 මරණ 57,045ක් වාර්තා කර ඇත. එය බ්‍රිතාන්‍යයෙන් පසු යුරෝපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාවයි. මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 1.64ක් ලියාපදිංචි කර තිබේ.