ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා දිනය අවසන් වන විට 10000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව චීනයෙන් පිටත වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබේ.
අඟහරුවාදා දිනය අවසන් වන විට ඉතාලිය තුළ පුද්ගලයන් 631ක් කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය පෙරදින හා සසඳා බැලීමේදී 168ක වැඩිවීමකි.
ඉතාලිය තුළ මේ වන විට හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර සමස්ත රටම නිරෝධායන ක්‍රියාවලියකට ලක්කර තිබේ.