ඉතාලියේ කොවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි මස 21 දා සිට අප්‍රියෙල් 30 දක්වා කාලය තුල කොවිඩ් 19න් මියගිය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 153 දක්වාත් හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
එමෙන්ම මේ වන විට සමස්ත රෝහල් රෝහල් කාර්ය මණ්ඩලයේ 15,000 ට වැඩි පිරිසකට කොවිඩ් 19 ආසාදනය වි ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.
ඊයෙ (30) දිනයේදි නව කෝවිඩ් 19 ආසාදිතයන් 1,872ක් සමග ඉතාලියේ සමස්ත ආසාදිතයන් ගණන 205,463 දක්වා වර්ධනය වි ඇති නමුත් ඊයෙ (30) දිනයේදි පමණක් සුව වු පිරිස 4693 ක වාර්තා ගත සංඛ්‍යාවක් වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ඊයේ (30) දිනයේදි වාර්තා වු මරණ 285 ත් සමග ඉතාලියේ කෝවිඩ් 19 න් මියගිය සමස්ත පිරිස 27,967 දක්වා වර්ධනය වු බව අමාත්‍යාංශය පැවසීය.
( චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට )