පසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කුඩා වෙළඳ සැල් ආරක්ෂිත පියවර හා ක්‍රමවේදයන් සමග විවෘත කිරිමට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම අද (18) සිට නිවසින් පිටතට යාමේදි තිබිය යුතු ස්වයං දිවුරුම් ප්‍රකාශ අවසර පත්‍ර අහෝසි කිරිමටත් ආරක්ෂිත ක්‍රමවේදයන් සමග දෙවස්ථාන පූජාවන් පැවැත්විමට අවසර ලබා දි තිබේ.
සමාජ දුරස්ථභාවය හා ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන ව්‍යාපාරික ස්ථානයන්ට යුරෝ 400 ක අවමයක සිට උපරිමය යුරෝ 3000 ක් දක්වා දඩ අය කිරිමටත් අධිකරණ ක්‍රයාමාර්ග එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු