මැයි 4 දා ඉතාලියේ ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව වසා දමා තිබු ප%වාහන සේවා ව්‍යාපාර කටයුතු, ක්‍රීඩා ක්‍රියාකාරකම් මාසයක් තුළ අදියර 3 ක් යටතේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන යටතේ විවෘත කිරිමට බලාපොරොත්තුවන බවත් වසා ඇති පාසැල් නැවත විවෘත නොකර ජුනි මස මුල් සතිය දක්වා තිබු 2019/20 පාසැල් වර්ෂය නිමාකිරිමටත් රාජ්‍ය විභාග ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ සිදු කිරිමටත් තීරණය කළ බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ජාතිය අමතමින් ඊයේ (26දා) කාශ කළේය.
මෙම ලිහිල් කිරිමේ තත්වය සම්බන්ධයෙන් ඉතා සියුම්ව අවදානයෙන් සිටින බවත් තව දුරටත් විශෙaශ අවශ්‍යතාවක් නොමැතිව පළාත් හා නගර අතර සංචරණය වීම තහනම් බවත් සියලුම පුද්ගලයන් නිවසින් බැහැරවීමේදි මුඛ ආවරණ පැළඳිම අනිවාර්ය නීතියක් බවද අගමැතිවරයා පැවසීය.
දුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත් සාමුහීකව රට ආරක්ෂිත කිරිම හා නගා සිටුවීමට කැපවීම සැමගේ යුතුකමක් බවද ඉතාලි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට