ඉතාලියේ රෝම නගරයේදි පවුල් ආරවුලක් දුරදිගගොස් තියුණු ආයුධයකින් පහර දි තම බිරිඳව ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි ශ්රී ලාංකිකයා අද (01දා) බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන මියගොස් සිටියදි සොයාගෙන තිබෙන බව රෝම පොලිසිය පැවසීය.
මෙලෙස සියදිවි හානිකරගෙන මියගොස් ඇත්තේ රද්දොළුව ප්රදේශයේ පදිංචි කලෙක සිට ඉතාලියේ ර නගරයේ සේවය කරමින් ජිවත් වු කෝරළගමගේ චන්දන ප්රසාද් ප්රනාන්දු (අවු 49) නැමති අයෙකි.
සැකකාර ලාංකිකයාව ෆ්රොසිනෝනේ බන්ධනාගාරය තුළ හුදකලා කාමරයක රඳවා තිබි ඇති අතර නිදගන්න ලබා දි තිබු ඇඳ ඇතිරිල්ලක් ගෙලට දමාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බවට මූලික පරික්ෂණවලදි තොරතුරු හෙළි වු බව රෝම පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා අතින් ඝාතනයට ලක්ව තිබුණේ ශාන්තිනි ප්රියදර්ශනි (අවු 40) නැමති ඔහුගේ බිරිඳයි.
චන්දන ප්රනාන්දු ඉතාලියේ සිට