ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා වු ඉ-ඉඩම් ( e-land ) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම නව මෘදුකාංගය තුළින් ඉඩම් හා දේපල ලේඛන අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛන ගත කිරීම ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරේ. මෙය දේපල ලියා පදිංචි කිරීමේ කාර්යසාධක බලකායේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉ- ඉඩම් ව්‍යයාපෘතිය යටතේ ආරම්භ කරන ලදී . මෙම මෘදුකාංග ව්‍යයාපෘතිය පුර්ණ වශයෙන්ම දියත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) තාක්ෂණික සහායෙනි.