තමන් හා බිරිඳ සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරුවන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ එම අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරියේදි හෙළි කරන බවයි.
සීගිරියේ අඩු ආදායම් ලාභී පවුලක ඉඩමක් අඩු ආදායම්ලාභී පවුලක් බව සඳහන් කරමින් කුමාර් සංගක්කාරගේ බිරිඳ වන යෙහාළි සංගක්කාර තම නමට පවරාගෙන ඇති බවට එම ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.