ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස රුපියල් 125,000ක් සහ ශ්‍රී ලාංකික වෙළෙඳ නාවික වෘත්තිකයන්ගේ සංගමය රුපියල් 5,050,000ක් අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරයා අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.
ලක්ෂ්මන් නානායක්කාර මහතා රුපියල් 10,000ක්, මහනුවර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සී.පී. බටවල මහතා රුපියල් 35,461ක්, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් රුපියල් 528,000ක්, අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලය රුපියල් 36,408.35ක්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ මහතා රුපියල් 4,013.33ක්, ජී.එම්. ධර්මවර්ධන මහතා රුපියල් 43,180.96ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,413,496,240.50 කි.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

popular news
-
Dosthara hodahitha Friday, 26 June 2020 05:59 AM
Danna ekek puluwannam kiyapalla balanna korona penna penna me salli Gota ekathi karanne mokatada kiyala? Bayiyoyi, toyiyoyi jeppoyi depalla uththarayak?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
