ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1407 ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සිය මැයි මස වැටුප වන රුපියල් 119,374ක්, කඩුවෙල මහානගර සභාව රුපියල් 743,620ක් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්හ.
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය රුපියල් 10,000,000ක්, ගල්ගමුව, ඩබ්.එච්. පොඩිඅම්මා මහත්මිය රුපියල් 25,000ක්, පාදෙණිය, තිලිණි නිසංසලා නරසිංහ මහත්මිය රුපියල් 5,000ක්, බිංගිරිය ඩබ්.එම්.ජේ. කැමිලස් මහතා රුපියල් 10,000ක්, ඉන්ද්‍රානි වීරතුංග මහත්මිය රුපියල් 225,000ක්, පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, මධ්‍යම සංස්කෘතික අරමුදල - ආලාහන පිරිවෙන ව්‍යාපෘතිය රුපියල් 500,000ක්, ඩබ්.එච්. තීරක මහතා රුපියල් 50,000ක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබූ අතර අග්‍රාමාත්‍යතුමා අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
කෑගල්ල, ආර්.එම්. විජේසිංහ මහතා රුපියල් 10,000ක්, මිහින්තලේ ඩී.ආර්.එම්. ධම්මවතී ගුණසේකර මහත්මිය රුපියල් 10,000ක් ඝෘජුව පරිත්‍යාග කර ඇත.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,407,664,176.86 කි.
