ඉටුකම COVID - 19 සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු මිලියන 1230දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ.
WNS Global Services (Pvt) Ltd ආයතනය රුපියල් 5,895,000ක් සහ කිරිබත්ගොඩ, ඊරියවැටිය ශ්‍රී රත්න විහාරවාසී පූජ්‍ය බංගලාදේශයේ චන්ද්‍රජෝති හිමි රුපියල් 100,000 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රුපියල් මිලියන 5ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා අද (02) ජනාධිපතිතුමා වෙත චෙක්පත භාර දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ ඒකකයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය රුපියල් 37,358.71, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය රුපියල් 145,183.30, පූජ්‍ය ලත්පඳුරේ රාහුල හිමි රුපියල් 100,000ක්, සිංහ ලෑන්ඩ් සේල් පුද්ගලික සමාගම රුපියල් 500,000ක්, චන්දන සේනාරත්න මහතා රුපියල් 200,000ක් පරිත්‍යාග කළහ.
ඉටුකම වෙබ් අඩවිය මඟින් ලැබී ඇති මුදල 1,146,200කි.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,230,748,037.77 කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

