ඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටුවීමට සාකච්ඡා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටින අතර, සටන් හා අපයෝජනයන් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ ප්රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා සිටියේය.
ඇෆ්ගනිස්ථානයේ ගෝලීය ත්රස්තවාදී තර්ජනය මැඩපැවැත්වීම සඳහා සියළුම මෙවලම් භාවිතා කරන ලෙසත් මානව හිමිකම් වලට ගෞරවය සහතික කරන ලෙසත් ගුටරෙස් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර පසුව සාමාජිකයන් 15 දෙනා ඒකාබද්ධව නිවේදනයෙක් නිකුත් කළේය.
“ඇෆ්ගනිස්ථානයේ ජනතාව අපට අතහැර දැමිය නොහැක සහ නොකළ යුතුයි” යැයි ගුටරෙස් ආරක්ෂක මණ්ඩලයට පැවසීය.
තලේබාන් සංවිධානය යළිත් අවුරුදු 20කට පසුව ඇෆ්ගනිස්ථානයේ සිය බලය තහවුරු කරගෙන තිබේ.
ඇෆ්ගන් ජනපතිවරයා ඉරිදා දිනයේදී ඇෆ්ගනිස්තානයෙන් පළා යාමෙන් පසුව තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලයත් ජනපති මන්දිරයත් සිය පාලනය යටතට ගත්තේය.ඉන් අනතුරුව ඔවුන් යුද්ධය අවසන් බව ප්රකාශ කළේය.
ඇමෙරිකාවේ නිව්යෝග් නුවරදී රැස්වූ ආරක්ෂක මණ්ඩය ඇෆ්ගනිස්ථානයේ "ත්රස්තවාදයට" එරෙහිව සටන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
වෙනත් රටවලට තර්ජනයක් හෝ ප්රහාරයක් එල්ල නොවන බවට සහතික වීම සඳහා "තලේබාන් සංවිධානය හෝ වෙනත් කිසිදු ඇෆ්ගන් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු වෙනත් කිසිදු රටක ක්රියාත්මක වන ත්රස්තවාදීන්ට සහාය නොදිය යුතු" යැයි මෙහිදී අවධාරණය කෙරිණි.
සියළුම සතුරුකම් වහාම අත්හිටුවන ලෙසත්, කාන්තාවන්ද ඇතුළත් විය යුතු නව රජයක් ඇතුළත් සාකච්ඡා මාර්ගයෙන් පිහිටුවීමටත් කටයුතු කරන ලෙස ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටියේය.