ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට "මානුෂීය පදනම මත" සත්කාරකත්වය සපයන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට පැය කිහිපයටක පෙර ඇෆ්ගන් ජනපතිවරයා රටින් පැන ගියේය.
“එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජනාධිපති අෂ්රෆ් ඝානි සහ ඔහුගේ පවුලේ අය මානුෂීය හේතූන් මත ළිගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයට තහවුරු කළ හැකියි” යනුවෙන් එම අමාත්‍යාංශය බදාදා කෙටි ප්‍රකාශයක් කළේය.
තලේබාන් සංවිධානය කාබුල් නුවර වැටලීමත් සමගම පසුගිය ඉරිදා දිනයේදී ඇෆ්ගනිස්තාන ජනපතිවරයා රටන් පළා ගියේය.
ෆේස්බුක් සටහනක් තබමින් ඝානි කියා සිටියේ “තලේබාන් සංවිධානය ජයග්‍රහණය කර ඇති බවත්” ලේ වැගිරිම් වැළැක්වීම සඳහා තමන් රටින් පැන පිය බවත්වය.
ඔහු තජිකිස්තානය, උස්බෙකිස්තානය හෝ ඕමානය වෙත පලා ගිය බවට අනුමාන කළේය.
තමා රටින් පැන යන විට ඩොලර් මිලියන ගණනක් රැගෙන ගිය බවට වන චෝදනා පදනම් විරහිත බව ඔහු සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් බව නිවේදනය කළ තලේබාන් සංවිධානය, රජයක් පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව පැවසීය.
මීට පෙර 1996 වසරේ සිට 2001 වසර දක්වා ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානයේ පාලනය යටතේ පැවැතියේය.