අයහපත් කාලගුණ තත්ත්වය සමග රාවණා ඇල්ලට නුදුරින් ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව ඇල්ල පොලීසිය පවසයි.
රාවණා ඇල්ලට නුදුරින් ප්රධාන මාර්ගයට එලෙස දැවැන්ත ගල් කිහිපයක් ඇදවැටී ඇති අතර, ඒ හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇත.
ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන්නැයි ඇල්ල පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(බදුල්ල - පාලිත ආරියවංශ/ ඇල්ල - ප්රසාද් රුක්මල්)