ඇල්ල නගරයේ කසළ ගොඩ (21) දින රාත්රි සිට ගිනි ගනිමින් තිබෙන බවත් එය නිවාදැමීමට ගිනිනිවන කණ්ඩායම් කිහිපයක් එක්ව අද ( 22 ) දින ගින්න නිවීමට මහත් පරිශ්රමයක් දරමින් සිටින බවත් පොලිසිය පවසයි.
ඇල්ල කිතල්ඇල්ල මාර්ගය අයිනේ තේවත්තක් පාමුල වසර ගණනාවක් තිස්සේ නගරයෙන් ඉවත් කරන කසළ ගොඩකර තිබෙන අතර මෙය ඉවත් කරන ලෙස ජනතාව සමග දේශිය හා විදේශිය සංචාරකයින්පසුගිය කාලය පුරාම උද්ඝෝෂණ පවා පැවැත්විය.
කුණු කන්ද ගිනි ගැනීමත් සමග නගරය පුරා දැඩි දුඟදක් සමග දුමක් පැතිරී යන බවද ජනතාව පවසයි.
ගින්න නිවා දැමීම සදහා ඇල්ල ප්රාදේශිය සභාව,බදුල්ල හා බණ්ඩාරවෙළ නගර සභාවේ ගිනිනිවන ඒකකය අද උදේ සිට මහත් පරිශ්රමයක් දැරුවත් එය සාර්ථක නොවන බවද ගිනිනිවන භටයින් පවසති.