ඇල්පිටිය ප්රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ලබාදීමට හිමිකම් කියන පිරිස් මේ මස 13 වැනිදාට පෙර අදාළ ඉල්ලුම් පත් යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එදිනට හෝ එදිනට පෙර ලැබෙන සේ දිස්ත්රික් තේරීම් භාර නිලධාරී, මැතිවරණය කාර්යාලය, ගාල්ල යන ලිපිනයට අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවත්, මෙම ඡන්ද විමසීම සඳහා පසුගිය වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරන බවත් මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය. අදාළ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන ආයතන නියෝජිතයන් 28 දෙනෙකු තෝරාගැනීම සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන අතර, 17 දෙනෙකු කොට්ඨාස ක්රමය යටතේත්, 11 දෙනෙකු සමානුපාතික ක්රමට යටතේත් තෝරා පත් කරගනු ලබයි.
ඇල්පිටිය ප්රාදේශිය සභා මැතිවරණය මූලික කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
2018 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදා සහතික කර තිබේ.