දැනට වසා දමැ ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල කඩිනමින් යළි විවෘත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (23දා) සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ) ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීනගේ ඉල්ලීමකට එම කඩදාසි කම්හල් පරිශ්‍රය නිරීක්ෂණයට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ එම ජනතා නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැවසූවේ, ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ භූමිභාගය කට්ටි කරමින් සහ යන්ත්‍ර සූත්‍ර කුට්ටි කරමින් එම කම්හල ජාවාරකරුවන් විසින් විසින් විවිධ පාර්ශවවලට විකුණා දමමින් සිටින බවය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශීය කර්මාන්ත යලි නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල යලි විවෘත කිරීමට කටයුතු කරන බවය.
ඒ අනුව විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම මස 30 දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නිරීක්ෂණය කිරීමටද පැමිණෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.
නයෝමි දිල්රුක්ෂි