යුක්රේනයට පේට්රියට් මිසයිල 500ක් විකිණීමට එක්සත් ජනපදය අනුමැතිය දී තිබේ. රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධයේදී රුසියාව විසින් එල්ල කරන ගුවන් ප්රහාරවලට එරෙහිව ආරක්ෂාව මෙම මිසයිල වැදගත් බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙම මිසයිල තොගය පැමිණීමට "වසර කිහිපයක්" ගත විය හැකි බවයි.
මිසයිල සඳහා ඩොලර් බිලියන 2.1 (£ බිලියන 1.6) ක් වැය වන අතර මේ සඳහා වන පිරිවැයි යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සහාය දක්වා යුරෝපා රටවල් හා කැනඩාව මේ වෙනුවෙන්ර සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ඇති බවයි.
සිකුරාදා රාත්රියේ සෙලෙන්ස්කි රුසියාවේ මාරාන්තික බැලස්ටික් මිසයිල බිම දැමීම සඳහා ඇති එකම ඵලදායී අවිය වන පේට්රියට් මිසයිල ලබාදීම වේගවත් කරන ලෙස එක්සත් ජනපදයට නැවත නැවත ඉල්ලීම් කළේය.