ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා මාර්තු මාසයේදී පනවන ලද අගුලු දැමීමේ පියවර ව්‍යවස්ථා විරෝධී බවට වූ තීන්දුවක් එරට පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ලබාදී තිබේ.
ව්‍යාපාර වසා දැමීම සහ රැස්වීම් ප්‍රමාණය සීමා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රිපබ්ලිකන් නීති සම්පාදකයන් සහ කුඩා ව්‍යාපාර හිමිකරුවන් විසින් උසාවියේදී අභියෝගයට ලක් කරන ලද අතර, එම සීමාවන් නිසා තම ව්‍යාපාර අවදානමට ලක්වූ බවට නඩුව ගොනුකර තිබුණි.
විනිසුරු විලියම් ස්ටික්මන් ඔවුන්ට පක්ෂව තීන්දුවක් දුන් අතර, ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවකට විසඳුම් සෙවීමේ හොඳ අභිප්‍රාය ඇතිව කටයුතු කළත් පුරවැසියන්ගේ මූලික නිදහස උල්ලංඝනය කිරීමට ඔහුට අයිතියක් නැති බව පැවසීය.
"මේ රට සෑම ආකාරයකම හදිසි අවස්ථාවන්ට මුහුණ දී ඇති සහ ඉදිරියේදී මුහුණ දේවි කියන දේට කිසිදු තර්කයක් නැහැ. එසේ සිදුවී තිබෙනවා. ඉදිරියටත් සිදුවේවි." යනුවෙන් විනිසුරුවරයා සිය නියෝගයේ සටහන් කළේය. "එහෙත් ජාතික අර්බුදයකට විසඳුම කිසිවිටෙකත් ඇමෙරිකානු ඉතිහාසයේ පදනම ලෙස පවතින පුද්ගල නිදහස සඳහා වූ කැපවීම අභිභවා යාමට ඉඩ දිය නොහැකියි."
කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයන්ගේ මතයට අනුව ඇමෙරිකාව අගුලු දැමීම පමා වීම නිසා එරට ආසාදිතයන් හා මරණ වැඩිවූ අතර, යම් කාලයක් අගුලු දැමීම නිසා මරණ රැසක් වළක්වා ගැනීමට හැකිවූ බවය.
මේ සියලු තත්ත්වයන් හා තර්ක විතර්ක මැද මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,553,001ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 194,467ක් ලෙස සටහන් වෙයි.