ඇමෙරිකාවේ බෙලිවිල් නගරාධිපති මයිකල් මෙල්හැම් COVID-19 ප්‍රතිදේහ පිළිබඳ කළ පරීක්ෂණයකදී ධනාත්මක වී ඇති අතර ඒ අනුව චීනයේ මුලින්ම කොවිඩ් 19 වෛරසය වාර්තාවීමට මසකට පෙර එනම් නොවැම්බරයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
අත්ලාන්තික් නගරයේ නිව් ජර්සි මහ නගර සභා සම්මේලනයට සහභාගී වීමෙන් පසු නොවැම්බර් මස අගභාගයේදී තමා අසනීප වූ බව මෙල්හැම් පැවසීය. ශීතල, උෂ්ණත්වය වැනි රෝග ලක්ෂණ වලින් තමා පීඩා විඳි මෙල්හැම් නෝර්ත් ජර්සි.කොම් වෙබ් අඩවියට ඔහු අප්‍රේල් 30 පවසා තිබේ.
වෙබ් අඩවියට අනුව මෙල්හැම් ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,. "මට කුමක් සිදුවේදැයි මම දැනගෙන හිටියේ නෑ. මට මෙතරම් අසනීප විය හැකි යැයි මට කවදාවත් දැනුනේ නෑ"
මෙහිදී මෙල්හැම් ප්‍රතිකාර කළ වෛද්‍යවරයා උපකල්පනය කර ඇත්තේ මෙල්හැම්ට උණ වැළඳී ඇති බවත්, විවේකයකින් පසුව ඔහු සුවය ලබනු ඇති බවත්වය.
සමහර සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කළේ එක්සත් ජනපදය තුළ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී COVID-19 “නිශ්ශබ්දව සංසරණය වන්නට ඇති” බවයි.
නමුත් මීට පෙර කිසිවෙකුත් එය නොවැම්බර් මාසය දක්වා විහිදී යනු ඇතැයි උපකල්පනය කර නොතිබුණි.
නගරාධිපතිවරයා කියා සිටියේ තමා වෛරසය වැළඳී ඇති බවට පසුව සැක කළ නමුත් එය නොසලකා හැරි බවයි. ඒ එක්සත් ජනපදය තුළ ජනවාරි දක්වා රෝගීන් වාර්තා නොවීම හේතුවෙනි.
මේ වන විට කොවිඩ් 19 වසංගතයේ ගෝලීය කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදය එහි පළමු සිද්ධිය ජනවාරි 21 වනදා වාර්තා කළේය.
මෙල්හැම් පැවසුවේ නොවැම්බර් මාසයේදී ඔහුගේ අසනීප තත්වය නිසා වෛද්‍යවරයෙකුගෙන් රුධිර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තමා පෙලඹුණු බවත්, ඒ අනුව තමන්ට ප්‍රතිඵලය ලැබුණ බවත්ය.