ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙන තිබෙන තීරණයට එරෙහිව අද (17දා) ‘මහජන යුතුකම කේන්ද්‍රය’ ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්දේශයක් භාරදීමට කටයුතු කළේය.
යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා කර ඇමෙරිකාව විසින් තම රටට ඇතුළත් වීම තහනම් කරමින් නියෝගයක් පනවා තිබෙන බවද එම සංගමයේ මහලේකම් පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ අවධාරණය කළහ.
රාජ්‍ය නොවන සංවිධානවල පිරිස් පසුගිය කාලයේදී මානව හිමිකම් කඩවීම පිළිබඳව ජාත්‍යන්තරයට ගතුකේලම් කියූ බවත් මෙම පිරිස් ඇමෙරිකාවට අවශ්‍ය සාක්ෂි සාධක සපයා තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
ඇමෙරිකාව අවස්ථාවාදීන් ලෙස කටයුතු කරන බවත්, ඇමෙරිකාව ගත් තීරණය පිළිබඳව රටේ සිටින විජාතික බලවේග සතුටුවන බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.