එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් එහි මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අද (27දා) යළි යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට නිර්දේශ කරයි.
වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් එක්සත් ජනපදයේ කොරෝනා වෛරස ආසාදිතයන් ඉහළ යමින් පවතින අතර, එම ප්‍රභේදය ඉක්මණින් ව්‍යාප්ත වී මේ වනවිට එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
සමස්තයක් ලෙස ඇමෙරිකාව තුළ දැනට මිලියන 34කට අධික සංඛ්‍යාවක් ආසාදිතයන් වාර්තා වී ඇති අතර, ලොව ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වූ රට ලෙස කොවිඩ්-19 මරණ 611,251ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.