ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ඊයේ (08දා) දිනය වනවිට එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 29ක් ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (09දා) අලුයම වනවිට 29,040,513ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 525,701ක් ලෙස සටහන් වෙයි.
කැලිෆෝනියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිව්යෝක් සහ ඉලිනොයිස් පිළිවෙළින් වැඩිම ආසාදිතයන් වාර්තා කර ඇත.
වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රට වන්නේ එක්සත් ජනපදයයි. ලෝකයේ වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් එරට පවතින අතර එය ගෝලීය සමස්ත ආසාදිනවලින් 25%කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝලීය මරණවලින් 20%කට වඩා දායක වී ඇත.
එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් ජනවාරි 1දා මිලියන 20ක් දක්වා ළඟා වූ අතර, මාස දෙකයි දින කිහිපයකින් එය තවත් මිලියන 9කින් වැඩි වී තිබේ.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් යාවත්කාලීන කරන ලද ආදර්ශ පුරෝකථනයක් මගින් වර්තමාන ප්රක්ෂේපණ තත්ත්වය මත පදනම්ව 2021 ජූලි 1දා වන විට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 576,026 ක් පුරෝකථනය කර ඇත.