කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.
මෙහිදි නිපුණ සමාගම වෙළඳපොළට හාල් කිලෝවක් ලබාදෙන මුදලට වඩා රුපියල් 23ක් අඩුවෙන් ශක්ති සහල් වෙළඳපොළට නිකුත් කරන බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිගැන්වීම වෙනුවෙන් ශක්ති සහල් වෙළඳපොළට නිකුත් කර තිබේ. කෙසේ වෙතත් පසුව තම ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තමන් කිසිම නිශ්පාදනයක් ඉලක්ක නොකළ බවත් වෙළඳපොළේ පවතින මිල ගණන් සංසන්දය කිරීමක් සිදුකළ බවයි.