විනය විරෝධී ක්‍රියා සිදුකරන පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණ නිලධාරීන්ට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නියෝග කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දින දෙකක් තුළ පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා වාර්තාවීම වැඩිවීමත් සමගින් මෙම නියෝගය ලබා දී තිබේ.
නෙලුවදී බාලවසය්කාර දැරියකට අතවර කිරීම, පොලිස් බස්රථවලින් ඉන්ධන ලබාගැනීම, වරකාපොලදී සූදු පොළක් වටලා සැකකරුවන්ගේ මුදල් හා ජංගම දුරකනත කොල්ලකෑම යන සිදුවීම් දින දෙකක් තුළ වාර්තා විය.
සැකකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඔවුන්ගේ රාජකාරී තහනම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
එසේම සුළුතරයක් වන පිරිසක් සිදුකරන මෙම විනය විරෝධී ක්‍රියා හේතුවෙන් සමස්ත පොලිස් සේවයටම හානියක් සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.