සමගි ජන බලවේගයට සම්බන්ධ තරුණ සමගි බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් මහතා ගෑස් සොයා හිස් ටැංකියක් ද හිසේ තබාගෙන අද (12දා) වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගියේය.
ගාල්ල කහදූව වත්ත හන්දියේ සිට පාගමනින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගිය කනිෂ්ක ලැනරෝල් මහතා, ගෑස් සොයා පැමිණි බව නිවසේ සිටි අයට පවසා සිටියේය.
අනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසීය. “නෑ....මම බොන්නේ පිටි විතරයි ඒවත් නෑනේ..” යැයි පැවසු කනිෂ්ක ලැනරෝල් යළිත් ගෑස් ටැංකිය කරමත තබාගෙන යන්නට ගියේය.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්