වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්ව ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ එම ප්‍රතිඵලය සෘණාත්මක වී තිබේ.
අමාත්‍යවරයා පවසන්නේ තමන් මේ වන විට අවස්ථා පහකදී පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්ව ඇති බවයි.
“විවිධ රාජකාරී කටයුතු සිදු කිරීමේ දී හමුවන පුද්ගලයන් covid 19 ආසාදිත බවට විවිධ අවස්ථා වලදී තහවුරු වීම හේතුවෙන් මේ වන විට PCR පරීක්ෂණය සඳහා අවස්ථා 5කදී යොමු වීමි. ඒ සෑම අවස්ථාවකදීම එම පරීක්ෂණ වල ප්රතිඵලයන් අනුව ආසාදිත නොවන බවට තහවුරු විය.
මේ වන විට මාගේ අමාත්‍යාංශ ලේකම්තුමිය COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අද දින උදෑසනම නැවත PCR පරීක්ෂණයක් සඳහා යොමු වීමි. එහි ප්‍රතිඵලය මා අතට පත්වූ වහාම ඒපිළිබඳව ඔබ සියළු දෙනා දැනුවත් කිරීම වගකීමක් කොට සලකන බැවින් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාව අනුව නැවතත් ආසාදිත නොවන බවට තහවුරු විය.
ඒ අනුව මේ වන විට වෙළෙඳ අමාත්‍යාංශය මුළුමනින්ම විෂබීජ හරණය කොට යථාවත් කිරීම ආරම්භ කර ඇති අතර එතෙක් රාජකාරී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සිට සිදු කරමි. එමෙන්ම වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු ආසාදිත සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සියල්ලන්ගේම යහපත පිණිස ඔබ සියළු දෙනාම සෑම සෞඛ්යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මේ මොහොතේදී නැවතත් සිහිපත් කරමි.”