එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සඳහා එක්වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අද (24දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹීමට නියමිතය.
ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට ශ්‍රී ලංකාව දැක්වූ සම අනුග්‍රාහකත්වය ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂමට දැනුම් දීමට නියමිතය.