හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම පෙහේළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියි.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.
යෝජිත ගැසට් පත්‍රය ක්‍රමවත්ව මුද්‍රණය කර ගැනීම සඳහා වූ ඉදිරිපියවරන්ට ආශීර්වාදාත්මක සහාය පළකරන ලෙස උපවාසයේ නිරතවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.