ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් අස්ගිරි පාර්ශව,මල්වතු පාර්ශව සහ අමරපුර හා රාමඤ්ඤ මහා නිකායන් වල මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක වරාය නගර ව්‍යාපෘතියට අදාල කොමිෂන් සභා කෙටුම්පත සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළේය.
මෙම අවස්ථාවන් සඳහා කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පා.ම වසන්ත යාපා බණ්ඩාර සහ පා.ම කෝකිලා ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.