Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබේ. ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.
මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමග අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමග සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇත.
තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීද සඳහන් කළේය.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)
popular news
lion Monday, 17 September 2018 06:13 AM
මොහු රට වනුවෙන් විසල මෙහයක් කල කෙනෙක් .කරුණාකර මෙය කරන්න එපා. ඔහුට avawadyak පමණක් කරන්න.
Reply : 12 193
Champa Monday, 17 September 2018 07:55 AM
එහෙම කොහොමද කරන්නේ? සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර තිබ්බට එයා දේශපාලකයෙක්. රජයේ ඇමතිවරයෙක්. ෆීල්ඩ් මාර්ෂල් තනතුරෙන් හිර කරල කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන්න බැහැ. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්ව දේශපාලනේට ගන්න කොට දැන ගන්න ඕනේ. දැන් ඒ තනතුර නැති කරන්න හදන එක යහපාලන ප්රජාතන්ත්රවාදයට විරුද්ධයි නේද? රනිල් මෛත්‍රී දෙන්න මහා ලොකුවට කතා කරන්නේ හරියට ඒ දෙන්න ප්රජාතන්ත්රවාදයේ මුර දේවතාවෝ වගේ. ඕනේ දෙයක් කරන්න නිදහස තියෙනවලු. හැබැයි ෆීල්ඩ් මාර්ෂල්ට හමුදාව තහනම් වචනයක්ලු. හරිම මෝල් කතාවක් නේ ඒක. ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ සක්‍රිය තනතුරක්. ඒක තමයි හමුදාවේ ඉහලම තනතුර. ඒ තනතුර යුධ හමුදාපති තනතුරට වඩා ඉහල බව යුද හමුදාපති දන්නේ නැත්නම් කියලා දෙන්න වෙනවා. ආණ්ඩුවේ දේශපාලකයෙකුටවත් කතා කරන්න නිදහසක් නැති රටක්නේ මේක බලන් ගියහම. කතා කරොත් තනතුර ගහල යනවා. අනේද කියන්නේ.
Reply : 235 460
dhamneth Monday, 17 September 2018 04:16 PM
ලංකාවේ අන්තිමට හිටපු රජ්ජුරුවොත් තමන්ට රජවෙන්න උදව්කරපු අයව උලතියන්න පටන්ගත්තළු.ප්‍රතිපලය වුනේ රජ්ජුරුවන්ව අල්ලා සුද්දන්ට බාරදීමයි කියනවා.
Reply : 0 71
Champa Monday, 17 September 2018 06:07 PM
මට හිනා ගියා ඔබේ comment එකට. ඇත්තයි කතාව. යහපාලන ජෝඩුවට කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ.
Reply : 0 0
ආචාර්ය :රාජගුරු ආර්යසිංහ රණභාහු. Tuesday, 18 September 2018 02:43 PM
පීල්ඩ් මාෂල් වරයකු පත් කිරීමේ විනිසුමක දී ලෝකයේ සම්මත ක්‍රම වේදය පිළිබඳ දැක්මක් තියෙනවා. ඔහුට ද මෙකී පත්වීම් සමඟ ග්‍රීන් කාඩ් ලබා දීමේදී එකී විනිශ්චය බලය ජගත් අධිකරණ ප්‍රේරණ ත්‍රිත්ව ගෝලීය බලයට යටකර පවරා තිබෙනවා. එයින් අභ්‍යන්තර නෛතික බුද්ධිමත් භාෂණය දේශපාලන වශයෙන් අවහිර නොකොට භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ලබාදීමෙන් පුනරුත්ථාපනයට යොමු වෙනවා.
Reply : 0 0
CHANDRA WEERASINGHE Wednesday, 19 September 2018 12:40 PM
ෆීල්ඩ් මාර්ෂල් තනතුර paddy field මාර්ෂල් තනතුරට උසස් කර කෘෂිකර්මාන්තයට යොමු කරමු !! ගොවියා
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd