ඇඳිරි නීතියෙන් බස්නාහිර පළාතේ සිරවි සිටි 2000 පිරිසක් ගම්බිම් බලා පිටත් කර හැරේ
ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින හැටහයක් පුරා සිරවී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි.
මේ සඳහා ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාස දෙකට අයත් පොලිස් වසම්වල සිර වී සිටි 2000 පිරිසක් ශ්‍රී ලංගම බස් බස්රථ 45 කින් ගම් බිම් බලා යැවිමේ කටයුත්ත මෙසේ සිදු කෙරිණි .
මෙසේ පිටත්ව යන පිරිස පිළියන්දල බස් නැවතුම්පළ භූමියට පැමිණිමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම හා පොලිස් නිලධාරීන් විසින් ගමන්මලු පරික්ෂා කිරීමේ කටයුත්ත ද සිදු කෙරිණි.
අනතුරුව පැමිණි සියලු දෙනාට දිවා ආහාරය ලබා දීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතින් සිදු කිරීමෙන් අනතුරුව සියලු දෙනා ගම්බිම් බලා යාමේ කටයුත්ත සිදු විය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න ,සහකාර පොලිස් අධිකාරී රමිදු ද සිල්වා ,කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර ,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ හා පොලිසියේ උසස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

