ඇඳිරිනීතිය නොතකමින් ඊයේ ( 20) රාත්රී උත්සවයක බීමත්ව සාදයක් පැවැත්වූ අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පවසයි .
බණ්ඩාරවෙල කිණිගම මහා උල්පොත ප්රදේශයේ පැවති උත්සවයක නිවසකට එක් රොක් වී බීමත්ව සාදයක් පවත්වමින් සිටියදී මොවුහු අටදෙනා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී ඩී .එම්. දසනායක මහතා පැවසීය.
ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව යටතේ මොවුහු අට දෙනා බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද දසනායක මහතා පැවසීය.