කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට දිවයින පුරා විවිධ අයුරින් ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට දිනයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙනි.
01 කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ.
02 පුත්තලම, ව්ව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය 27 දා උදෑසන 6ට ඉවත් කර එදිනම දහවල් 12ට පනවයි.
03 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (26දා) උදෑසන 6.00ට ඉවත් කර යළිත් දහවල් 12ට පනවයි.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයන්ද තැනින් තැන ගෙන යාම තහනම් කර තිබේ.