ඇඳිරිනීතිය ඉවත් කිරීමේ පිළිවෙළ පිළිබඳ කිසිදු පැහැදීමක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (30) පැවති මාධ්‍ය හමුවකදීය.
"මම මේ වෙලාවේ කතා කරන්න ඕනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන. ඔවුන් මේ අවස්ථාවේදී ඉතාම නිවැරදි ස්ථාවරයක ඉඳගෙන වැඩ කරනවා. ඔවුන්ට අපි ඒ ගෞරවය දෙන්න ඕනේ. මම දැක්කා එහි ලේකම්තුමා ඩොක්ටර් හරිත මහත්මයා ඇතුළු උප ලේකම්තුමා, කියා සිටියා ඔවුන්ගේ උපදෙස් රාජය පිළිගත්තේ නැහැ කියලා.
ඔවුන් අපේ රජයේදීත් යම් යම් දේවල්වලට විරුද්ධව කතාකරපු තැන් තිබුණා සයිටම් ප්‍රශ්නයේදි වගේ. මම එතනදිත් ඒගොල්ලො හිටපු ස්ථාවරය පිළිගන්නවා. ඔවුන් හැම අවස්ථාවක හරි ස්ථාවරයේ ඉඳගෙන කතා කරා. මේ අවස්ථාවේදී ඔවුන්ගේ උපදෙස්වලට පිටින් රජයට කඩේ යන අය දෙන උපදෙස් පාලකයා පිළිගන්නා බවක් අපට පෙනී යනවා.
රජය මැතිවරණයකට යන්න තියෙන උවමනාව මත අනතුරක් නැහැ කියලා පෙන්නන්න තමයි මැයි මාසේ 4 වැනිදා විශ්වවිද්‍යාල සහ 11 වැනිදා පාසැල් පටන්ගන්නවා කියලා කිව්වේ. එතනින් පෙන්නන්න හැදුවා දරුවන් පාසැල් යනවානම් විශ්ව විද්‍යාලත් ඇරලා නම් ඡන්දයක් තියන්න රජයේ සේවකයන්ටත් වැඩ කරන්න බැරිකමක් නැහැ කියලා.
අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්. එවැනි මානසිකත්වයකින් යුක්ත කට්ටියකට, අපේ ජනතාවගේ අනාගතය භාරදෙන එක නුවණට හුරුයි කියලා මම හිතන්නේ නැහැ.
මොකද ඔවුන්ගේ බලලෝබීභාවය ජනතාවගේ ආරක්ෂාව පැවැත්ම අභිභවා යනවා යනවා කියන එක ඒකෙන් හොඳටම ඔප්පු වෙනවා.
ඊලඟට ඇඳිරිනීතිය ඉවත් කරන පිළිවෙල ගැන අපිට පැහැදීමක් නැහැ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවා ඒ ගැන ප්‍රසිද්ධියේම කියලා තිබුණා. හැඳුනුම්පතේ අංක අනුව ජනතාවට එළියට යන්න දෙනවා කියන එකත් ප්‍රායෝගික නැහැ.
ඊගාවට ප්‍රවාහන පහසුකම් වලදී බස්වල වාඩිවෙන්න කියලා තියෙන ක්‍රමය අනුව ලංගමයයි පුද්ගලික බස් අයිතිකරුවන් දුවන්න බැහැ කියලා තියෙනවා පාඩුයි කියලා. මේ වගේ ප්‍රායෝගික නැති හේතුකාරණා කියලා මේගොල්ලො පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ජනතාවට කරන්න බැරි දේවල් පටවලා. මේවා ගැඹුරින් සොයා බලලා සන්සන්දනය කරලා අධ්‍යයනය කරලා ගන්න තීන්දු තීරණ නෙවෙයි."